බැංකු හොරකමට අලුත් ක්‍රමයක්?

Image copyright Reuters
Image caption මංකොල්ල කෑමට ගත් උත්සාහය 'අනුවණ ක්‍රියාවක්'

සිය නම සහ ලිපිනය අයකැමිට ලබාදීමෙන් අනතුරුව එංගලන්තයේ බැංකුවක මුදල් මංකොල්ල කෑමට උත්සාහ ගත් පුද්ගලයකුට වසර දෙකහමාරක සිර දඬුවම් නියම විය.

වේල්සයේ වෙසෙන විසිහත් හැවිරිදි ඩීන් ස්මිත් මෙම මුදල් මංකොල්ලය සිදු කිරීමට උත්සාහ ගෙන ඇත්තේ බාක්ලේස් බැංකු ශාඛාවක ගිණුමක් ලියාපදිංචි කිරීමට තම තොරතුරු ලබාදීමෙන් අනතුරුවයි.

බැංකු ගිණුම් වල මුදල් දැකීමෙන් අනතුරුව බැංකුවෙන් පිටව ගිය මෙම පුද්ගලයා මිනිත්තු තිහක පමණ කාලයක් ඇතුලත පාන් කැපීමට භාවිත කරන පිහියක්ද රැගෙන නැවත පැමිණ තිබේ.

බැංකු කාර්ය මණ්ඩලයේ සේවකයෙක් විස්තර කළ පරිදි මොහු තම වෙස් මාරු කර ගෙන පැමිණ මුදල් ඉල්ලා සිටි අතර බැංකු කාර්ය මණ්ඩලය මුදල් දීම ප්‍රතික්ෂේප කළ බැවින් හිස් අතින් පිටව ගොස් තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මංකොල්ල කෑමට ගත් උත්සාහය අනුවණ ක්‍රියාවක් බව මෙම පුද්ගලයා පොලිසිය ඉදිරියේ පිළිගත්තේය.