මෝඩි දිල්ලි අගනුවරට

Image copyright Getty
Image caption තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා බිලියනයකට අධික ජනතාවගේ නායකයා බවට පත් වූ මෝඩි

වාර්තාගත මැතිවරණ ජයග්‍රහණයකින් ඉන්දියාවේ නව අගමැතිවරයා වීමේ වරම් ලද නරේන්ද්‍ර මෝඩි දිල්ලි නගරයේදී එම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඡන්ද දායකයන් හමුවී තම කෘතඥතාවය පළකළේය.

තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් මෝඩි අති විශාල ජනකායක් ගමන් ගත් දිගු පෙරහැරකින් ගුවන් තොටුපලේ සිට භාරතීය ජනතා පක්ෂ මුලස්ථානය වෙත පැමිණියේය.

දහස් ගණනක් ජනතාව ජයඝෝෂා පවත්වමින්, පක්ෂ ධජය ලෙළවමින් පෙරහැරේ ගමන් ගත්හ.

බෙර වාදකයන් හා හොරණෑකරුවන්ගෙන් සමන්විත පෙරහැරට එක්ව සිටි ජනයා වීදි බැස ජයග්‍රහණය සමරද්දී දිල්ලි නගරය පුරා ආරක්ෂාව තර කොට තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර