චීන වැසියන් වියට්නාමයෙන් ඉවත් කර ගැනේ

  • 18 මැයි 2014
Image copyright Reuters
Image caption චීනය විසින් කෙරෙන තෙල් කැණීම් වලට විරෝධය දක්වන වියට්නාම වැසියෝ

වියට්නාමයේ සිටින චීන වැසියන් ඉවත් කර ගැනීම ඉක්මන් කර වීම පිණිස චීනය විසින් යාත්‍රා පහක් වියට්නාමයට යවා තිබේ.

චීනය තෙල් කැණීමේ යෙදී සිටින මුහුදු කලාපයේ අයිතිය සම්බන්ධයෙන් වියට්නාමය තුල ඇතිවී තිබෙන කැරලි කෝලාහලවලින් අනතුරුවයි, මෙසේ චීන වැසියන් වියට්නාමයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ.

මේ වන විටත් වියට්නාමයේ වෙසෙන චීන වැසියන් තුන්දහසක් පමණ ඉවත් කර ගනු ලැබ තිබේ.

උද්ඝෝෂණයේ යෙදෙන වියට්නාම් වැසියන් පාලනය කිරීමට වියට්නාම පරිපාලනය විසින් අවශ්‍ය ප්‍රමාණයට ක්‍රියා මාර්ග ගෙන නොමැති බව, චීන විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කොට තිබෙන නිවේදනයක සඳහන් වේ.

අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර එම ප්‍රදේශයේ රැස්ව සිටි පිරිස් පොලිසිය විසින් විසුරුවා හරින ලදි.

සියලු උද්ඝෝෂණ අවසන් කරන මෙන් වියට්නාම අගමැතිවරයා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර