ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාරෙල් විලියම්ස් ඉරාන රසිකයන් පිරිසක් අත් අඩංගුවට

මෑතදී ජනප්‍රියත්වයට පත්වූ පාරෙල් විලියම්ස්ගේ හැපි (Happy) නමින් හැඳින්වෙන ගීතය අනුවර්තනය කරමින්, තරුණයන් තිදෙනෙක් සහ තරුණියන් තිදෙනෙක් ටෙහෙරානයේ වීදි වල මෙන්ම ඔවුන්ගේ නිවෙස් වහල මත ඉරාන නීතියට එරෙහි ඇඳුම් වලින් සැරසී නර්තනයේ යෙදෙන වීඩියෝ පටයක්, යු ටියුබ් අඩවියට නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

බී බී සී වාර්තා කරු අමීර් පයිවාර් ප්‍රකාශ කර සිටියේ මොවුන්ට එල්ල වී ඇති චෝදනා තවමත් ප්‍රකාශයට පත් වී නැති බවයි.

ඉරානය තුල සතුට ප්‍රකාශ කිරීම නීතියෙන් තහනම් නොවුනත් ඉස්ලාම් නීතිය කඩ වන ආකාරයේ හැසිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කරන බව අමීර් පයිවාර් තවදුරටත් පැවසුවේය.

1979 සිට ඉස්ලාම් නීතියට අනුව කාන්තාවන් හිසේ සිට දෙපතුල් දක්වා තම සිරුර ප්‍රදර්ශනය නොවන පරිදි හිජාබ් ඇඳුමින් සැරසිය යුතු අතර වීදි වල ගමන් කිරීමට කාන්තාවන් සැරසිය යුතු අකාරය ආගමික පොලීසියේ නීති වලට අනුකුල විය යුතුයි.

ඉරාන මාධ්‍යවේදී ගොල්නාස් එස්ෆන්දියරි ට්විටර් වෙබ් අඩවියේ කියා සිටියේ ඉරානයේ වසර තිස් පහක් පමණ කාලයක් ඇතුලත දහසකට අධික පිරිසක් සාද පැවැත්වීමෙන් සහ තම සතුට සැමරීම් නිසා මෙලෙස අත් අඩංගුවට පත් වී ඇති බවයි.