ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැතිනි සිනවත් රැඳවුම් භාරයට

බලයෙන් පහ කෙරුණු හිටපු තායිලන්ත අගමැති යින්ලුක් සිනවත් හමුදා පාලනය විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ.

හිටපු අගමැතිනිය යින්ලුක් සිනවත් ඇතුළු දේශපාලනඥයන් සියයකට අධික සංඛ්‍යාවක් හමුදා බලධාරීන් විසින් එරට හමුදා මුලස්ථානයට කැඳවනු ලැබීමෙන් අනතුරුවයි මෙසේ රැඳවුම් භාරයට ගෙන තිබෙන්නේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ රැඳවුම් භාරයේ සිටින හිටපු අගමැතිනිය නිදහස් කරලීමට තායිලන්ත හමුදාවට බල කර සිටිය යුතු බවයි.

තායිලන්ත හමුදාව කටයුතු කර ඇති ආකාරය කිසි සේත් සාධාරණීකරණය කල නොහැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කැඳවීමෙන් පසු හිටපු අගමැතිනිය ඇතුළු දේශපාලනඥයන් හා ක්‍රියාධරයන් එක සීය පනස් හතර දෙනෙකුට රටෙන් පිට වීම ද තහනම් කර තිබේ.

තායිලන්ත හමුදා ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ සියලුම පක්ෂවල දේශපාලනඥයන් රැඳවුම් භාරයට ගැනීම තුළින් හමුදාවේ අපක්ෂපාතී බව ප්‍රදර්ශනය වන බවයි.

රැඳවුම් භාරයේ සිටින හිටපු අගමැතිනිය ඇතුළු සියලුම දේශපාලනඥයන්ට පහසුකම් සියල්ල සලසා ඇති අතර සතියකට අඩු කාලයක් ඔවුන් රඳවා තැබෙනු ඇති බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.