තායිලන්ත හිටපු අගමැතිනිය 'නිදහස්'

  • 25 මැයි 2014
Image copyright Reuters
Image caption හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස්

දින දෙකක් හමුදා භාරයේ සිටි රඳවා සිටි තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති බව වාර්තාවේ.

රටින් පිට වීම සඳහා හිටපු අගමැතිනිය හමුදා පාලනයෙන් අවසර ලබා ගත යුතු අතර දේශපාලන කටයුතු වල නිරත නොවන මෙන් නියෝග කර ඇති බවයි, තායිලන්ත හමුදා පාලන මණ්ඩලයේ ආරංචි මාර්ග බීබීසී යට ප්‍රකාශ කළේ.

තායිලන්ත හමුදාව රටේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග අනෙකුත් ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු ශාස්ත්‍රඥයන් සහ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ පුද්ගලයන් රැඳවුම් භාරයට ගනු ලැබිණ.

Image copyright AFP
Image caption හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් අගනුවර උද්ඝෝෂණයේ

මේ අතර හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් බැංකොක් අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටිති.

උද්ඝෝෂණ හේතුවෙන් පහරදීම් හා අත් අඩංගුවට ගැනීම් වාර්තා වූ නමුත් ආරක්ෂක අංශ සමග දරුණු මට්ටමේ ගැටුම් ඇති වී නොමැති බවයි, බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර