බ්‍රැඩ් පිට් ට නරඹන්නෙකුගෙන් ප්‍රහාරයක්

Image copyright ap
Image caption බ්‍රැඩ් පිට්ගේ ආරක්ෂකයින් විසින් ඉවතට ගෙන ගිය මෙම පුද්ගලයා, පහර දීමේ වරදට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ

ජනප්‍රිය හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් ලොස් ඇන්ජලීස් නුවර චිත්‍රපට මුහුරත් උළෙලකට සහභාගී වෙමින් සිටිය දී අසල සිටි නරඹන්නෙකු ඔහුට පහර දී තිබේ.

“මැලෙෆිසන්ට්” නම් නව චිත්‍රපටය හඳුන්වා දීමේ මුහුරත් උළෙලට තම පෙම්වතිය වන ඇන්ජලිනා ජොලී සමග සහභාගී වෙමින් සිටියදී බ්‍රැඩ් පිට් පහර කෑමට ලක්වූයේ රසිකයින්ට සමරු සටහන් ලබා දෙමින් සිටියදී.

යූක්රේනියානු ජාතික වාර්තා කරුවෙකු වන විටාලි සේදියුක් නමැති මෙම පුද්ගලයා රසිකයින් නැවතීමට යොදා තිබු බාධකය පසු කොට පැමිණ මෙලෙස බ්‍රැඩ් පිට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කොට ඇති බවත් ජනප්‍රිය පුද්ගලයන් හාස්‍යයට ලක් වන ආකාරයේ වීඩියෝ පට නිපදවීම සම්බන්ධයෙන් මොහු ප්‍රසිද්ධියක් උසුලන බව තව දුරටත් වාර්තා වේ.

බ්‍රැඩ් පිට්ගේ ආරක්ෂකයින් විසින් ඉවතට ගෙන ගිය මෙම පුද්ගලයා, පහර දීමේ වරදට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.