එක්සත් ජනපදය ආසියාව දෙසට

Image copyright AP

චීනය දකුණු චීන මුහුදේ අයිතිය වෙනුවෙන් ගෙන යන ව්‍යාපාරය එම සාගර කලාපයේ අස්ථාවර තත්වයක් මතු වීමට හේතු වී ඇති බවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චුක් හේගල්(Chuck Hagel) චෝදනා කරයි.

සිංගපූර්හි පැවැත්වුන ආරක්ෂක කටයුතු තේමා කරගත් සමුළුවක දී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ,චුක් හේගල් කියා සිටියේ, බිය ගැන්වීම් , බලහත්කාරයෙන් අවනත කර ගැනීම සඳහා බලය පාවිච්චි කරමින් සිදු කරන තර්ජන ආදියට එක්සත් ජනපදය එරෙහි බවයි.

එවැනි තත්වයක් යටතේ සිය රට ඉවත් බලා නොගන්නා බවයි ඔහු කියා සිටියේ.

චීන ප්‍රතිචාරය

එම ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් චීන හමුදාවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් ද සිංගපූර් සමුළුවේදී අදහස් පල කර ඇති අතර, ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ කතාව තර්ජන සහ බිය ගැන්වීම් සහිත එකක් හැටියටයි, ඔහු විග්‍රහ කර තිබුණේ.

Image copyright REUTERS
Image caption තායිලන්ත හමුදා පාලකයා

දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් ජපානය,වියට්නාමය සහ පිලිපීනය සමඟ චීනය අතර අමිහිරි ආරාවුලක් පවතී.

සිංගපුර් දේශනයේදී තවදුරටත් අදහස් දැක් වූ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චුක් හේගල් තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඉක්මනින් පියවර ගන්නා ලෙසත් එරට යුද හමුදා පාලනයෙන් ඉල්ලීමක් කළේය.

නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති තහංචි ඉවත් කරන මෙන් තායි යුද පාලනයෙන් ඉල්ලා සිටි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා, අත්අඩංගුවේ තබා ඇති පුද්ගලයන් මුදා හරිමින්, මැතිවරණ ක්‍රියා දාමයක් ඔස්සේ මහජනතාවට බලය යලි පැවරීමට පියවර ගන්නා ලෙසයි කියා සිටියේ.

තායිලන්තය

මාස ගණනක් පැවති දේශපාලන ව්‍යාකූලත්වයකින් අනතුරුවයි මහජන ඡන්දයෙන් පත් වුන තායිලන්ත ආණ්ඩුව පෙරලා යුද හමුදාව බලය අල්ලා ගනු ලැබුණේ.

හමුදා පාලක ජනරාල් ප්‍රයුත් චනොචා (Prayuth Chan-ocha) ඊයේ සිකුරාදා ප්‍රකාශයක් කරමින්,කියා සිටියේ අඩු තරමින් වසරක කාලයක් ඇතුලත මැතිවරණ කැඳවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

තායිලන්ත යුද හමුදා ප්‍රකාශකයෙක් මේ අතර කියා සිටියේ, කවර හෝ විරෝධතා ව්‍යාපාරයකට මුහුණ දීමට ආරක්ෂක අංශ සුදානම් බවයි.

.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර