මුස්ලිම් සහෝදරත්වයේ දස දෙනෙකුට මරණ දඬුවම්

Image copyright AFP
Image caption මුස්ලිම් සහෝදරත්වයේ ඉහළම නායකයා වන මොහම්මඩ් බාදි

ඊජිප්තුවේ දැනට තහනම් කර ඇති මුස්ලිම් සහෝදරත්වයේ නායකයන් දස දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ.

පසුගිය ජුලි මස දෙදෙනෙකුට මරු කැඳවමින් පැතිර ගිය ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ජනතාව පොළඹවාලීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.

නඩුවේ විත්තිකරුවන් වූ මුස්ලිම් සහෝදරත්වයේ ඉහළම නායකයා වන මොහම්මඩ් බාදි ඇතුළු තවත් තිස් අට දෙනෙකුට එරෙහි නඩු තීන්දුව ලබන මස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කයිරෝ නගරයට උතුරින් පිහිටි ප්‍රධාන මාර්ගයක් හරස් කර ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව උසි ගැන්වූ බව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්ට එල්ල වූ චෝදනාවයි.

ඊජිප්තු හමුදාව විසින් ජනාධිපති මොහමෙඩ් මුර්සි ධුරයෙන් පහ කිරීමට එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරවලට ඔවුන් එම අවස්ථාවේ සහභාගී වෙමින් සිටි බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් සහෝදරත්වයේ මොහම්මඩ් බාදි ට මීට පෙර පැවති නඩු විභාගයකින් ද මරණ දඬුවම නියම විය.