හිටපු හමුදාපතිවරයා ඊජිප්තුවේ ජනාධිපති වෙයි

Image copyright AFP
Image caption කයිරෝ අගනුවර ටරීර් චතුරශ්‍රයට එක් වී ගී ගයමින් ජයග්‍රහණය සමරන අල් සිසි පාක්ෂිකයන්

ඊජිප්තු නව ජනාධිපතිවරයා වශයෙන් අබ්දුල් ෆාටා අල් සිසි කයිරෝ අගනුවර ඉහළ ව්‍යවස්ථාදායක අධිකරණයේ දී දිවුරුම් දුන්නේය.

පසු ගිය මාසයේ පැවති ඊජිප්තු ජනාධිපතිවරණයෙන් හිටපු හමුදා ප්‍රධානී අල් සිසි ජය ලැබුවේ සියයට අනු හතක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ඡන්ද විමසීම් කටයුතු වර්ජනය කළ විපක්ෂ කණ්ඩායම් වලට ලබා ගත හැකි වුයේ සියයට පනහකට අඩු ඡන්ද ප්‍රතිශතයක්.

ඊජිප්තු නව ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමින් ඔහුගේ පාක්ෂිකයන් කයිරෝ නුවර තහ්රීර් චතුරශ්‍රයට එක් වී ගී ගයමින් ජයග්‍රහණය සමරන බවයි පැවසෙන්නේ.

ඊජිප්තුව ඇතුළුව ලොව වටා රට වල නායකයන් රැසක් ඊජිප්තු ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන උත්සවයට සහභාගි වෙමින් සිටිති.

හිටපු හමුදා ප්‍රධානී අල් සිසී විසින් පසු ගිය වසරේ දී හිටපු ඉස්ලාමීය ජනපති මොහොමඩ් මොර්සි තනතුරෙන් පහ කරණු ලැබීමත් සමග මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය තහනමට ලක් වූ අතර හිටපු ජනපති මොහොමඩ් මොර්සිට එරෙහිව නඩු පවරනු ලැබීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර