අගමැති නීති විරෝධියි -ලිබියානු ශ්‍රේෂ්ඨාධිකරණය

Image copyright AFP
Image caption අහ්මඩ් මටීක් ලිබියානු අගමැතිවරයා ලෙස පත් වුයේ පසුගිය මාසයේදී

ලිබියාවේ අගමැතිවරයා තෝරා පත් කර ගත් ආකාරය ව්‍යවස්ථා විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරයි.

ලිබියානු අන්තර්වාර පාර්ලිමේන්තුව තුළ පැවැත්වුණු ව්‍යාකුල සහගත ඡන්ද විමසීමකින් පසු අහ්මඩ් මටීක් ලිබියානු අගමැතිවරයා ලෙස පත් වුයේ පසුගිය මාසයේදී.

නමුත් එහිදී නිසි ක්‍රියාදාමය අනුගමනය කර නැති බවට චෝදනා එල්ල විය.

කර්නල් ගඩාෆි බලයෙන් පහ කිරීමෙන් අනතුරුව මේ දක්වා ලිබියාව දේශපාලන වශයෙන් අස්ථාවර වී පවතින අතර දේශපාලනඥයෝ විවිධ ඉස්ලාමීය කණ්ඩායම්වලට බෙදී සිටිති.

රටේ විවිධ පෙදෙස් එකිනෙකාට සතුරු කැරලිකරුවන් ගේ පාලනයේ පැවතීම නිසා ලිබියාවේ පාලනය තවත් ව්‍යාකුල වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර