දෙමළ සරණාගතයන්ට ඇන්ජලීනා ජොලීගෙන් ප්‍රතිචාර

Image copyright AFP

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් අතින් ලිංගික අතවර වලට ලක්වූ බවට සාක්‍ෂි තිබියදීත් ඇතැම් දෙමළ සරණාගතයන් බ්‍රිතාන්‍යයේ සිට ආපසු ශ්‍රී ලංකාවට යවනු ලැබීම පිළිබඳව සොයා බලන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පැවසූ බව ගාර්ඩියන් පුවත්පත වාර්තා කරයි.

අඟහරුවාදා ලන්ඩනයේ දී ඇරඹි “ලිංගික හිංසනය නතර කිරීමේ” ලෝක සමුළුවට පැමිණි දෙමළ සරණාගතයන් පිරිසක් සහ ඔවුන්ගේ නීතිඥයන් විසින් සමුළුව වෙත කළ පැමිණිලි කිරීමක් පිළිබඳවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ.

දෙමළ සරණාගතයන් ආපසු යැවීම කඩිනම් කර ඇතිබවත් එම නීතිඥයන් විසින් සමුළුවට පෙන්වා දෙනු ලැබ ඇත.

'දෙමළ කතුන් හමුවෙනවා' - ඇන්ජලිනා

සරණාගතයන් අතර සිටින ලිංගික හිංසනයට ගොදුරු වූවන් දෙස සානුකම්පිකව බැලීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් පුහුණු කරන බවටද විදේශ ලේකම් හේග් විසින් පොරොන්දුවක් ලබාදෙනු ලැබිණි.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන් ගේ මහ කොමසාරිස් ගේ විශේෂ නියෝජිතවරියක ලෙස ලෝපතළ හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලි සහභාගී වූ මෙම සමුළුවේ ආරම්භක දිනයේදී යඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ.

ඇන්ජලීනා ජූලි පැවසුවේ ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කතුන් හමුවී ඔවුන්ට සවන් දී අදාළ කරුණු පිළිබඳව බ්‍රහස්පතින්දා මහකොමසාරිස් අන්තෝනියෝ ගතෙරෙස් හමුවුවිට සාකච්චා කරන බවයි.

වදහිංසා කිරීම සාමාන්‍ය දෙයක්

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර අමාත්‍යංශය පවසන්නේ දෙමළ සරණාගතයන් ගේ පැමිණිලි ඔවුන් පිළිබඳව තීරණයක් ගැනීමට පෙර සලකා බලන බවයි.

නීතිඥ කණ්ඩායමක් විසින් කළ ඉල්ලීමකට අනුව එම අමාත්‍යංශය විසින් ලබාදුන් තොරතුරු අනුව 2009 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ගේ ලිංගික අතවර වලට ලක්වූ දෙමළ සරණාගතයන් 15 දෙනෙකු ආපසු යවා ඇති බව පිළිගෙන තිබේ.

තවමත් ශ්‍රී ලංකාවේ යුධ හමුදාව හා පොලීසිය විසින් කරනු ලබන වදහිංසා කිරීම් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති බව “හිංසනයෙන් නිදහස” සංවිධානයේ ප්‍රතිපත්ති කළමනාකාර ජීන් බෙනොයිට් පැවසීය.

බොහොමයක් වදහිංසා කිරීම් පිලිබඳ සරණාගතයන් විසින් ලබාදෙන තොරතුරු වෛද්‍ය වාර්තාවන් සමග නොගැලපෙන බැවින් විශ්වසනීයත්වයක් නැති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර