ස්පාඤ්ඤයට අලුත් රජෙක්

Image copyright Getty
Image caption ස්පාඤ්ඤයේ හයවන ෆිලිප් රජතුමා

රජ පදවියට පත් හයවන ෆෙලිපේ රජු ස්පාඤ්ඤයේ නව රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දෙයි.

වසර ගණනාවක් තිස්සේ පැවති ආර්ථික බිඳ වැටීම හේතුවෙන් බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින බැවින් මෞලි මංගල්‍ය පැවතුණේ ඉතා සරල මට්ටමකිනි.

එබැවින් ජාත්‍යන්තර නායකයින්ගේ සහභාගීත්වයකින් තොර ව මෙම උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබූ බව ස්පාඤ්ඤ බීබීසී වාර්තා කරු පවසයි.

ආර්ථිකය බිඳ වැටීමේ බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සාමාජිකයන් ඇමතූ හයවන ෆෙලිපේ රජු රැකියා බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට නව බලාපොරොත්තුවක් ලබා දිය යුතු බව කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර