ඉරාකයේ දේශපාලන වෙනසක්

Image copyright AFP

සුන්නි ජිහාඩ්වාදීන් විසින් දියත් කොට ඇති කැරැල්ල මැඩ පැවැත්වීමේ පියවරක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය, ඉරාකයේ දේශපාලන වෙනසක් ඇතිකිරීමට ගන්නා ක්‍රියා මාර්ග වැඩි කරමින් සිටියි.

නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උනන්දු කරවීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ජෝ බිඩන් (Joe Biden) සිය ප්‍රධාන සුන්නි ප්‍රතිවාදියකු වන , ඉරාක අගමැති , නූරි අල් මලිකි (Nuri al-Maliki) සහ කුර්දි නායකයකු හට දුරකථනයෙන් කථා කොට තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරන්නේ ඉරාක අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වන්නේ යුදමය බලපෑමක් නොව දේශපාලන විසඳුමක් බවයි.

ඉරාක අගමැති මලිකි ඉල්ලා අස්විය යුතු බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනේට් සභික ජෝන් මැකෑන් (John McCain) කියා සිටියි.

ඩිමොක්‍රටික් පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ සාමාජිකන් දක්වන්නේද එවන් අදහසක්.