'සපා කෑවාට' ස්වාරෙස්ට විනය පරීක්ෂණයක්

Image copyright v
Image caption 'කේලිනිගේ උරහිස මතට ස්වාරෙස් ඔහුගේ මුඛය තදින් තබන ආකාරය'

උරුගුවේ ජාතික පාපන්දු ක්‍රීඩක ලුවිස් ස්වාරෙස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ජගත් පාපන්දු පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

අඟහරුවාදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගයක් අතරතුර දී ස්වාරෙස් විසින් ඉතාලි ක්‍රීඩකයකු සපා කෑමට ලක් වූ බව ප්‍රකාශ විය.

Image copyright
Image caption ලුවිස් ස්වාරෙස් හා සපා කෑමට ලක් වූ ජෝජියෝ කේලිනි

ඉතාලි පාපන්දු ක්‍රීඩක ජෝජියෝ කේලිනිගේ උරහිස මතට ස්වාරෙස් ඔහුගේ මුඛය තදින් තබන ආකාරයකුයි රූප දර්ශන වල සටහන් වී ඇත්තේ.

එම අවස්ථාවේ කේලිනි තම උරහිස මත වූ සපා කෑමෙන් ඇති වූ ලකුණක් යයි සිතිය හැකි පෙදෙස විනිසුරුවරයාට පෙන්වූ නමුත් තරගය අතරතුරේදී ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනුණි.

ලුවිස් ස්වාරෙස් මේ සම්බන්ධයෙන් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ජෝජියෝ කේලිනි දෙසට ඔහුව තල්ලු වී ගිය බවත් මෙවැනි දේ ක්‍රීඩා පිටිය තුල දී සිදු වන බවයි.

ලුවිස් ස්වාරෙස් පාපන්දු සමාජ වලට ක්‍රීඩා කරමින් සිටිය දී ඔහු විසින් වෙනත් ක්‍රීඩකයන් සපා කෑම නිසා මීට පෙර අවස්ථා දෙකක දී ඔහුව තරඟ තහනම් වලට ලක් වී ඇති බවත් පැවසේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර