තායිලන්තයට නව ජාතික සභාවක්

  • 28 ජුනි 2014
Image copyright Reuters
Image caption ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බවයි ජෙනරාල් ප්‍රයුත් පවසන්නේ

හමුදා නිලධාරීන් විසින් වැඩි අසන සංඛ්‍යාවක් හොබවනු ලබන නව ජාතික සභාවක් සහ අන්තර් වාර රජයක් ඉදිරි මාස දෙක ඇතුළත පිහිටුවන බව තායිලන්ත හමුදා පාලකයා පැවසුවේය.

රූපවාහිනිය ඔස්සේ තායිලන්ත ජනතාව අමතමින් ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා වැඩිදුරටත් පැවසුවේ වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සකස් කෙරෙන අතර ඉන් මාස තුනකට පමණ පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වෙන බවයි.

එසේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බව ජෙනරාල් ප්‍රයුත් පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි බැංකොක් හේ බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර