හිටපු ජනපතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

Image copyright AFP
Image caption හිටපු ජනපති නිකොලාස් සර්කෝසි

අධිකරණ විනිසුරුවන් තමාට නම්මවා ගැනීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා මත ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා එරට පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබිණ.

මෙම පරීක්ෂණයට අදාලව හිටපු ජනපති නිකොලාස් සර්කෝසි ගේ නීතීඥයකු සහ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වුනු පරීක්ෂණයක රහස් තොරතුරු විත්ති පාර්ශවයට ලබා දීම සහ එහි විනිසුරුවන් හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී කරවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එක් විනිසුරුවරයෙකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තමා කිසිදු වරදක් කර නොමැති බව පවසන හිටපු ජනපති නිකොලාස් සර්කෝසි තවදුරටත් කියා සිටියේ දේශපාලන අරමුණු මත තමා ඉලක්කයක් වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර