බුරුමයේ ආගම් ගැටුමින් දෙදෙනකු මරුට

  • 2014 ජූලි 3
Image caption 'මණ්ඩලේ' නගරයේ ආරක්‍ෂාව

බුරුමයේ බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම් අතර ආගමික ගැටුම් පැතිර ගිය දෙවන රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කොට ඇති බව 'මණ්ඩලේ' පොලිසිය පවසයි.

මුස්ලිම් පල්ලි, කඩ සාප්පු සහ රථවාහන ආදියට ගිනි තබමින් බෞද්ධ කණ්ඩායම් නගරය පුරා ගැටුම් ඇති කිරීමත් සමඟ සිය ගණනක් පොලිස් නිලධාරීන් නගරයේ ආරක්ෂාවට යොදවා තිබිණ.

බුරුම බලධාරීන් ප්‍රකාශ කරන අන්දමට, මුස්ලිම් කණ්ඩායමක් විසින් බෞද්ධයෙකුගේ ගෙල සිඳ දැමීමෙන් පැය කීපයකට පසු පල්ලියට යමින් සිටි මුස්ලිම් පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

පසුගිය බදාදා මෙම ගැටුම් හට ගෙන තිබුණේ මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් බෞද්ධ කාන්තාවක් දූෂණය කල බවට පැතිරුණ කටකතා පැතිරයාමත් සමඟයි.

පසුගිය අවුරුදු කිහිපය තුළ බුරුමවාසී මුස්ලිම් සුළු ජාතිකයන් සහ බෞද්ධයන් අතර ගැටුම් හට ගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර