ජපානය උතුරු කොරියාවට හොඳහිත පෙන්වයි

Image copyright AFP
Image caption මෙම පියවර ‘ආරම්භයක් පමණක්’ බවයි ජපාන අගමැති ශින්සෝ අබේ කියා සිටියේ

උතුරු කොරියාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ජපානය තීරණය කර තිබේ.

ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ උතුරු කොරියාව විසින් පැහැර ගනු ලැබූ ජපන් ජාතිකයන්ට සිදුවූ දෙය පිළිබඳව නැවත පරීක්ෂණ පැවැත්වීමට උතුරු කොරියානු රජය එකඟ වීමෙන් අනතුරුවයි.

සංචාරක කටයුතු හා මුදල් හුවමාරුවට පනවා තිබූ තහංචි ලිහිල් කිරීමටත් මානවීය හේතූන් සඳහා ජපන් වරාය පරිහරණය කිරීමට ඉඩ දීමටත් ටෝකියෝ පරිපාලනය පියවර ගෙන තිබේ.

‘ආරම්භයක් පමණයි’

අතුරුදහන් වූ ජපන් ජාතිකයන් පිළිබඳව පවතින මතභේදය විසඳා ගැනීමට උතුරු කොරියාව වැඩි උත්සාහයක් දරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ගත් මෙම පියවර ‘ආරම්භයක් පමණක්’ බවයි ජපාන අගමැති ශින්සෝ අබේ කියා සිටියේ.

1970 සහ 1980 දශකවලදී පැහැර ගැනීමට ලක් වූ ජපන් ජාතිකයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් 2002 දී යළි ජපානයට භාර දුන් නමුත් තවත් අට දෙනෙකු මරණයට පත් වූ බවයි උතුරු කොරියාව කියා තිබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර