ඉන්දියානු හෙදියෝ ගම් බිම් බලා පැමිණෙති

Image copyright AP
Image caption ඔවුහු ඉරාකයේ තික්රිත් හි රෝහලක සේවය කරමින් සිටියදීය මුස්ලිම් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබුවේ.

උතුරු ඉරාකයේ සුනී මුස්ලිම් සටන්කාමීන් විසින් රඳවා ගනු ලැබ සිට නිදහස ලැබූ ඉන්දියානු හෙදියන් හතලිස් හය දෙනා විශේෂ ගුවන් යානයකින් තම ගම් බිම් බලා පැමිණියහ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් ඔවුහු ඉරාකයේ තික්රිත් හි රෝහලක සේවය කරමින් සිටියදීය පසුගිය මාසයේදී මුස්ලිම් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබුවේ.

බලාපොරොත්තු නොවූ ආකාරයට මෙම හෙදියන් සුනී සටන්කාමීන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයට රැගෙන යාමෙන් පසු කුර්දීස් නගරයක් වන අර්බිල් හිදී ඉන්දියානු බලධාරීන් වෙත භාර දුන් බවයි පැවසෙන්නේ.

මුස්ලිම් සටන්කාමීන් අහාර වර්ජිතව සිටි රාමදාන් සමයේ පවා හෙදියනට ඉතා හොඳින් සැලකු බවයි නිදහස ලබා පැමිණි එක් හෙදියක් පැවසුවේ.

හෙදියනට අමතරව ඉරාකයේ කොටුවී සිටි සියයකට වැඩි තවත් ඉන්දියානුවන් පිරිසක් ද මෙම විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර