ගාන්ධිගේ පිළිරුවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු භූමියට

Image copyright Getty

මහත්මා ගාන්ධිගේ පිළිරුවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරශ්‍රයේ ස්ථාපිත කිරීමේ සැලසුමක් ඇති බව එක්සත් රාජධානි ආණ්ඩුව නිවේදනය කරයි.

වෙළඳ නියෝජිතයන් හමු වීමට ඉන්දියාවට ගොස් සිටින බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් දිල්ලි අගනුවරදී මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පියා ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මව ඉදිරියේ පිළිගැනීමට ලක් වීමක් හැටියටයි බ්‍රිතාන්‍ය මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් මෙය හැඳින්වුයේ.

Image copyright Getty
Image caption බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල

වින්සන්ට් චර්චිල් සහ නෙල්සන් මැන්ඩෙලා ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පිළිරු රැසකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරශ්‍රය නිවහන වී තිබේ.

ශක්ති සම්පන්න වෙළඳපළ අවස්ථා ඇති, ලෝකයේ දෙවන ස්ථානයට වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවත් සමග සම්බන්ධතා තහවුරු කර ගැනීමට බ්‍රිතාන්‍යයට අවශ්‍යව ඇති බවයි බීබීසී ආර්ථික පුවත් කතුවරයා පවසන්නේ.