මෝඩිගේ අය වැයෙන් සීඝ්‍ර ආර්ථික වර්ධනයකට පොරොන්දු

Image copyright Getty

ඉන්දියානු ආර්ථිකය සීඝ්‍ර වර්ධනයක් කරා ගෙන ඒමෙන් ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් කිරීමට ඉන්දියානු රජය පොරොන්දු වෙයි.

වසර දෙකක කාලයක් පමණ පැවති මන්දගාමී ආර්ථික වර්ධනය හේතුවෙන් ඉන්දියානුවෝ කෝපයෙන් පසු වෙති.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මාස දෙකකට පෙර මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ගෙන එන ප්‍රථම අය වැය මෙයයි.

ඉන්දියානු මුදල් ඇමති අරුන් ජෙත්ලි පාර්ලිමේන්තුවට පැවසුවේ රජය බදු ප්‍රතිපත්තිය ප්‍රතිසම්පාදනය කරන බවයි.

රක්ෂණය සහ ආරක්ෂක අංශ වැනි ප්‍රධාන අංශ වල විදෙස් ආයෝජන සඳහා ඉහල සීමාවන් පනවන බවත් ඔහු කියා සිටියේය.

ඉන්ධන,ආහාර සහ පොහොර ආදියට ලබා දී ඇති සහන මිලෙහි වෙනසක් ඇති විය හැකි බවට මුදල් ඇමතිවරයා ඉඟියක් ද කළේය

නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුර කරුණු දක්වා නැත.

ඩොලර් බිලියන පනහක් ඉන්දියානු ආරක්ෂක අංශය වෙනුවෙන් වෙන් කර ඇති නමුත් ආදායම් බදු වල කිසිදු වෙනසක් ඇති නොකරන බව ඉන්දියානු මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර