ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය ගණන හැට දක්වා ඉහළට

  • 20 ජූලි 2014
Image copyright Reuters
Image caption ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ඥාතීන් සිහි කර වැලපෙන පලස්තීන වැසියන්

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වී පලස්තීන වැසියන් හැට දෙනෙකු මරණයට පත් වී තිබේ.

පලස්තීන සටන්කරුවන් සමග කළ සටන් වලදී ඊශ්‍රායල සෙබළුන් දහතුන් දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරයි.

ශේජායියා දිස්ත්‍රික්කය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සමුලඝාතනයක් ලෙසයි පලස්තීන නායකත්වය හදුන්වන්නේ.

එම දිස්ත්‍රික්කය තුල මානුෂීය සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකග වූ නමුත් එය පැවතියේ පැයක කාලයක් පමණයි.

පැයකට පසුව නැවතත් වෙඩි ප්‍රහාර ආරම්භ වී තිබේ.

කෙටි සටන් විරාමයට පෙර ඊශ්‍රායල විසින් නොනවත්වා කාල තුවක්කු ප්‍රහාර එල්ල කරමින් ගාසා තීරයේ වෙසෙන සියල්ලන්ටම පලා යාමට බල කළ බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

Image copyright Reuters
Image caption ඊශ්‍රායල යුධ ටැංකි
Image copyright AP
Image copyright Reuters
Image caption හානියට පත් ගාසා තීරයේ ගොඩනැගිළි

ප්‍රහාරයන්ට ලක්ව නිවාස ගණනාවක් විනාශයට පත් වී තිබේ.

ගෙවී ගිය දින දහතුන ඇතුළත මිය ගිය මුළු පිරිස හාරසීය විස්සක් දක්වා ඉහළ දමමින් වෙනත් ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පලස්තීන වැසියන් තිහකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර