ඊශ්‍රායල ෂෙල් ප්‍රහාරයෙන් ගාසා තීරයේ හතළිහක් මරුට

  • 20 ජූලි 2014
Image copyright AP
Image caption ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයන්ට ලක් වූ නැගෙනහිර දෙසින් ඇති ශේජායියා ප්‍රදේශය

ඊශ්‍රායලය විසින් මීට දින දහතුනකට පෙර ආරම්භ කෙරුණු පහරදීම් වලින් අනතුරුව එල්ල කළ විශාලතම ෂෙල් ප්‍රහාරයෙන්, ගත වූ රැය තුල පලස්තීනයේ එක් දිස්ත්‍රික්කයක පුද්ගලයන් හතළිහකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයෙන් වාර්තා වේ.

ගාසා නගරයට නැගෙනහිර දෙසින් ඇති ශේජායියා ප්‍රදේශයේ මෙම මරණ සිදු වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Image copyright AP

ගොඩනැගිලි සුන්බුන් තුළ තවත් සිරුරු සිර වී ඇති බවට සැක කෙරෙන බවද වාර්තා වේ.

මළසිරුරු වීදි අවට විසිරී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් කියා සිටියේය.

දැඩි සටන් පැවතීම හේතුවෙන් ප්‍රහාරයන්ට ලක් වූ ප්‍රදේශයට ගිලන් රථවලට ලඟා විය නොහැකි බවයි පැවසෙන්නේ.

ප්‍රහාර නිසා තැති ගත් දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශ අතහැර පලා යන බව එහි සිටින බීබීසී වාර්තාකරු ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර