මියගිය ගුවන් මගීන් ගේ දේහයන් නෙදර්ලන්තයට

Image copyright AFP
Image caption දේහයන් දෙසීයක් පමණක් රැගෙන ආ බවයි නෙදර්ලන්ත නිලධාරීන් පවසන්නේ

නැගෙනහිර යුක්රේනයේ දී මැලේසියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් ජීවිතක්‍ෂයට පත් නෙදර්ලන්ත මගීන් ගේ දේහයන් ඔවුන් ගේ ගම් බිම් වෙත රැගෙන යාම ආරම්භ කර ඇත.

අඟහරුවාදා ඛාර්කිව් ප්‍රදේශයට රැගෙන ආ එම දේහයන් සහිත මිනී පෙට්ටි හමුදා ගුවන් යානයක් ඉදිරියේ තබා ඇති අතර නෙදර්ලන්තය බලා ගුවනින් රැගෙන යාමට නියමිතව තිබේ.

දේහයන් දෙසිය අසූ දෙකක් රැගෙන ආ බව බෙදුම්වාදීන් පැවසුවද රැගෙනවිත් ඇත්තේ දේහයන් දෙසීයක් පමණක් බවයි නෙදර්ලන්ත නිලධාරීන් පවසන්නේ.

මෙම ගුවන් අනතුරින් මියගිය පිරිසෙන් තුනෙන් දෙකක් නෙදර්ලන්ත වැසියන් බවටයි වාර්තාවන්නේ.

ගුවනින් රැගෙන එන මෙම දේහයන් බාරගැනීමට නෙදර්ලන්ත රාජකීය යුවල සහ අගමැති ඇතුළු ඉහළ පෙළේ පිරිසක් ද විපතට පත්වූවන්ගේ ඥාතීන් සමග එයින්දොවෙන් හි රැඳි සිටිනු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර