දකුණු සුඩානයේ දරුණු සාගතයක්

  • 26 ජූලි 2014
Image copyright REUTERS
Image caption ආහාර ලබා ගැනීමට පෝලිමේ සිටින දකුණු සුඩාන මව්වරු

දකුණු සුඩානයේ ආහාර හිඟය ලොව දරුණුතම සාගතය ලෙස හඳුන්වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දකුණු සුඩානය සඳහා ලබා දෙන බවට පොරොන්දු වූ ඩොලර් මිලියන හයසීයක ආධාර මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස පොරොන්දු දුන් රටවලින් ඉල්ලා සිටියි.

දකුණු සුඩාන කැරලිකරුවන් සහ එරට හමුදාව අතර පවතින යුද ගැටුම් නිසා දරුණු ආහාර අහේනියකට රට මුහුණ පානු ඇති බවට ද ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.

කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් මේ වසරේ දී ළමුන් පනස් දහසක් පමණ මන්දපෝෂණයෙන් මිය යා හැකි බවට අනතුරු අඟවන ලෝක ආහාර සංවිධානය තව දුරටත් කියා සිටියේ ලක්ෂ හතළිහක් පමණ ජනතාව ඉතා දරුණු ආහාර හිඟයකට මුහුණ පා සිටින බවයි.