ගාසා තීරයේ සටන් විරාමයකට එකඟයි - හමාස්

  • 27 ජූලි 2014
Image copyright AP
Image caption මේ දක්වා මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ

ගාසා තීරයේ පැය විසි හතරක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට හමාස් සංවිධානය එකග වී තිබේ.

ඒ ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර තිබූ කෙටි සටන් විරාමය අවසන් කර නැවතත් මෙහෙයුම් ආරම්භ කර පැය කිහිපයකට අනතුරුවයි.

රාමසාන් උත්සව කටයුතු අවසාන කිරීම හා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමට ප්‍රතිචාරයක් වශයෙන් සියලු පලස්තීන පාර්ශවයන්ගේ එකඟත්වය මත මානුෂීය සටන් විරාමයක් ආරම්භ කළ බව හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මේ වනතුරු ඊශ්‍රායලය සටන් විරාමය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර ආරම්භ වීමත් සමග ගාසා තීරය දෙසින් විශාල පිපිරුම් ශබ්ද ඇසී තිබේ.

මීට පෙර ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය ප්‍රතික්ෂේප කළ හමාස් සංවිධානය නොනවත්වා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කළේය.

Image copyright Reuters
Image caption ප්‍රහාර හේතුවෙන් විනාශයට පත් වූ ගාසා තීරයේ ගොඩනැගිළි

සටන් හේතුවෙන් මේ දක්වා මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව දහස ඉක්ම වන අතර ඉන් වැඩි දෙනා සාමාන්‍ය වැසියන්.

සටන් ආරම්භ වූ දින සිට ඊශ්‍රායල ජාතිකයන් හතළිස් දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනා ආරක්ෂක භටයන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර