MH17 ගුවන් යානය: විශේෂඥ සංචාරය අවලංගුයි

Image copyright Reuters
Image caption අනතුරට පත් යානයේ සුන්බුන් පරික්ෂා කරන මැලේසියානු පරීක්ෂකයෙක්

නෙදර්ලන්ත අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසින් MH17 මැලේසියානු ගුවන් යානය අනතුරට පත් වූ නැගෙනහිර යුක්‍රේනයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය ආරක්ෂක හේතුන් මත අවලංගු කර තිබේ.

මීට දින දහයකට පෙර රුසියාවට හිතවත් කැරලිකරුවන් පාලනයේ පවතින ප්‍රදේශයකදී ගුවන් යානය අනතුරට පත් විය.

මේ අතර ගුවන් යානය පතිත වූ ස්ථානයට ආරක්ෂාව සැපයීම සඳහා යුක්‍රේන හමුදා එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව යුක්‍රේන ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

කැරලිකරුවන්ගේ බලකොටුවක්ව පවතින දනෙස්ක් නගරය අවට දරුණු ගැටුම් පවතින බවයි නැගෙනහිර යුක්‍රේනයේ බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර