තමිල්නාඩු පාසැලේ ගින්නට දස දෙනෙකුට දඬුවම්

  • 2014 ජූලි 30
Image copyright
Image caption සිසු දරුවන් දෙසීයක් පටු පඩි පෙළ ඔස්සේ පළා යාමට නොහැකිව පන්ති කාමර තුළ සිර වී සිටි බවයි පැවසෙන්නේ

පාසල් දරුවන් අනූ හතර දෙනෙකුට මරු කැඳවමින් මීට දස වසරකට පෙර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පාසලක ඇතිවූ ගින්නට වගකිවයුතු පුද්ගලයින් දස දෙනෙකුට ඉන්දියාවේ අධිකරණයක් මගින් දඬුවම් පමුණුවා තිබේ.

මෙසේ වරදකරුවන් වූ අය අතර පාසැලේ හිමිකරු, විදුහල්පති සහ ප්‍රධාන ගුරුතුමිය ද වෙති.

පාසැලේ මුළුතැන්ගෙයි ඇතිවූ මෙම ගින්න පිළිබඳව චෝදනා ලැබූවන් අතරින් එකොලොස් දෙනෙකු නිදොස් කොට යවා ඇත.

ගින්න හට ගැනීමෙන් පසු වයස අටත් දහයත් අතර සිසු දරුවන් දෙසීයක් පටු පඩි පෙළ ඔස්සේ පළා යාමට නොහැකිව පන්ති කාමර තුළ සිර වී සිටි බවයි පැවසෙන්නේ.

ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ පාසැලේ ආරක්ෂක විධි විධාන වැඩි දියුණු කරන බවට බලධාරීන් විසින් දුන් පොරොන්දු මෙතෙක් මුළුමනින් ම ඉටුවී නැති බවයි.