බංග්ලාදේශයේ මගී බෝට්ටුවක් අනතුරට

Image copyright Reuters

බංග්ලාදේශයේ ගංගාවක යාත්‍රා කරමින් තිබු මගීන් දෙසීයක් පමණ රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් මගීන් විශාල සංඛ්‍යාවක් අනතුරට ලක් වූ බව වාර්තා වෙයි.

ප්‍රාදේශීය පොලිසිය පවසන්නේ අනතුරට ලක් වූ මගීන්ගෙන් සීයක පමණ පිරිසක් දැනට බේරා ගෙන ඇති බවයි.

ඩකා අගනුවරට දකුණින් කිලෝමීටර් තිහක් පමණ දුරින් පිහිටි ස්ථානයකදීයි බෝට්ටුව අනතුරට ලක් වී තිබෙන්නේ.

'ඊඩ්' උත්සවය සැමරීමට නගරයෙන් පිටත ගොස් යළි ආපසු පැමිණෙන පුද්ගලයන් රැසක් බෝට්ටුවේ ගමන් ගනිමින් සිටි බවයි බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙන්නේ.

මගීන් ගෙන යන බෝට්ටු අනතුරට ලක්වීම බංග්ලාදේශයේ සුලබ අතර මීට බොහෝ විට හේතු වන්නේ දරා ගත නොහැකි මගීන් ප්‍රමාණයක් ගෙන යාමට උත්සාහ දැරීම සහ දුර්වල ආරක්ෂක පියවරයි.

පසුගිය මැයි මාසයේද ඉහත කී ප්‍රදේශයේම බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් පනහක් පමණ මරණයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර