ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් පැය හතකට නවතී

Image copyright EPA

ගසා තීරයේ ඊශ්‍රායලය යටතේ පවතින ප්‍රදේශ වල ගෙන යන මෙහෙයුම් පැය හතකට නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල හමුදා බලධාරියෙකු කියා සිටියේ එම සටන් විරාම කාලය ගාසා තීරයේ දකුණු පළාතේ 'රෆාහ්' නගරයට බල නොපාන බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ එම ප්‍රදේශයට හමාස් සංවිධානයෙන් ප්‍රහාර එල්ල වුවොත් ඊශ්‍රායල හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

මෙම සටන් විරාම කාලය සම්බන්ධයෙන් ගාසා තීරයේ වැසියන් බලාපොරොත්තු තබා ගෙන සිටින නමුත් සටන් විරාමය අරඹා සුළු වෙලාවකින් පුද්ගලයන් තිහකට පමණ ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.

පලස්තීන ආරංචි මාර්ග පවසන අන්දමට පුද්ගලයන් දහයකට පමණ මරු කැඳවූ එක්සත් ජාතීන්ගේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි හෙළා දැකීමට ලක් වූ අතර ඊශ්‍රායලය මෙම නව ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට දිනකට පසුවයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ දැඩි හෙළා දැකීමට ලක්වූ එම ප්‍රහාරය ජිහාඩ් ඉස්ලාමීය කැරලිකරුවන් තුන් දෙනෙකු ඉලක්ක කර ගෙන පාසල අසලට එල්ල කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර