ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉරාන ගුවන් අනතුරින් හතළිස් අටක් මරුට

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි නාගරික පෙදෙසක ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් අනතුරට ලක් වී තිබේ.

අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් කාර්යමණ්ඩලයේ අට දෙනෙකු සහ මගීන් හතළිස් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ යානයේ මෙහෙයුම් කටයුතු සිදු කර ඇත්තේ ගෘහස්ථ මගී සේවා සපයන සෙපහාන් නමැති ගුවන් සමාගමයි.

ගුවන් යානය, මෙහ්රාබාද් ගුවන් තොටුපලේ සිට ඊසාන දිග ඉරානයේ ටබාස් නගරය බලා පියාසර කිරීම අරඹා සුළු වෙලාවකින් අනතුරට ලක් වී තිබේ.

අනතුරට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසෙයි.

ගෙවුණු වසර කිහිපය ඇතුළත ගුවන් අනතුරු ගණනාවක් ඉරානයෙන් වාර්තා විය.

දුර්වල නඩත්තු සේවා සහ පැරණි ගුවන් යානා ප්‍රයෝජනයට ගැනීම ඊට හේතු වී තිබේ.