ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගංජා ළඟ තබා ගත් ජැකී චෑන්ගේ පුතු අත්අඩංගුවට

  • 2014 අගෝස්තු 19

සුප්‍රසිද්ධ ක්‍රියාදාම සිනමා නළු ජැකී චෑන් ගේ පුත් ජේසී චෑන් චීන බිජිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මතයි ඔහු අත්අඩංගුවට ගැනුණේ.

එම චෝදනා වලට වරදකරු බව ඔප්පු වූවොත් ඔහුට වසර තුනක සිර දඬුවමකට යටත් වීමට සිදු වන බවයි පැවසෙන්නේ.

තම නිවසේ ගංජා මත් ද්‍රව්‍ය සඟවා තිබූ ස්ථාන ඔහු පොලිසියට පෙන්වන අයුරු චීන රජයේ රූපවාහිනිය විසින් විකාශය කර තිබේ.