ජපානයේ නාය යාමකින් විසි හත් දෙනෙකු මරුට

  • 20 අගෝස්තු 2014
Image copyright v
Image caption නාය යාමට හසු වුන හිරෝෂිමා නගරය

ජපානයට දිගින් දිගටම ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හිරෝෂිමා නගරය නාය යාමකට ලක්ව තිබේ.

මේ වන විට නාය යාමට හසුව විසි හත් දෙනෙකු මරණයට පත්ව තිබේ.

කඳුකරයට කඩා වැටුණු වර්ෂාවෙන් අනතුරට ලක්ව ඇත්තේ නගරයේ දකුණු ප්‍රදේශයේ ජනාකීර්ණ දිස්ත්‍රික්ක බවයි වාර්තා වෙන්නේ.

නිවාස කඩා වැටී ඇති අතර ගලා යන ගංවතුරට සහ රොන්මඩ වලට හසුව විශාල ප්‍රදේශයක් මුළුමනින් ම විනාශ වී තිබේ.

බේරා ගැනීමේ කණ්ඩායම් අනතුරට පත් වුවන්ගේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් වළ නිරත වෙමින් සිටියි.

කාලගුණ වාර්තා පවසන්නේ එම ප්‍රදේශයට දිගින් දිගටම වර්ෂාව ඇද හැලීමට ඉඩ ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර