MH17 යානය: මල සිරුරු විස්සක් මැලේසියාවට

Image copyright AP
Image caption මෘතදේහ හමුදා සෙබළුන්ගේ කර පිටින්

පසුගිය මාසයේ යුක්‍රේනයේ දී කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ සිටි මගීන්ගේ මල සිරුරු විස්සක් මැලේසියාවට රැගෙන එයි.

මේ වෙනුවෙන් මැලේසියාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ අතර මැලේසියානු ජාතික ධජය අඩ කුඹු කර තිබුණි.

ජාතික ධජයෙන් වසන ලද මෘතදේහ හමුදා සෙබළුන්ගේ කර පිටින් ගෙනවිත් ඥාතීන්ට භාර දෙන ලදී.

Image copyright
Image caption ජාතික ධජයෙන් වසන ලද මෘතදේහ

පසුගිය ජූලි 17 වැනිදා MH17 ගුවන් යානය වෙඩි තබා බිම හෙළන ලද්දේ යුක්රේනයේ කැරලිකරුවන් අත පවතින කලාපයේදීයි.

එම ප්‍රදේශයේ බලය අල්ල ගෙන සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන් මෙම ගුවන් යානයට වෙඩි තබන්නට ඇති බවට විශ්වාස කෙරෙන නමුත් ඔවුහු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

මගීන් දෙසිය අනූ අට දෙනෙකු සහිත ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය ගිය අතර ඉන් හතළිස් තුන් දෙනෙකු මැලේසියානු ජාතිකයන්.

Image copyright AFP
Image caption ශෝකය පළ කිරීමට විනාඩියක නිශ්ශබ්දතාවක්
Image copyright AFP
Image caption මිය ගිය ගුවන් සේවක සේවිකාවන් වෙනුවෙන් ශෝක වන කාර්ය මණ්ඩලය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර