හිරෝෂිමා නාය යෑමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

ජපානයේ හිරෝෂිමා නගරයේ සිදු වූ නාය යාමට හසු වී මිය ගිය සංඛ්‍යාව පනහ දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයන් තිස් අට දෙනෙකු පිළිබඳ තොරතුරක් නොමැති බවයි ජපාන බලධාරීන් පවසන්නේ.

නොනවත්වා පවතින දැඩි වර්ෂාව හේතුවෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා කෙරෙන මෙහෙයුම් පැය කිහිපයකට අත්හිටුවා තිබේ.

නගරයේ උතුරු දිග කඳුකර ප්‍රදේශය නාය යාමත් සමග සහන සේවකයෝ දහසක් පමණ සුන්බුන් අතර හා මඩ තට්ටුවෙන් වැසී ඇති ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර