අයිස් බාල්දි වෙනුවට ගල් බාල්දි නෑමක්

Image copyright Ayman Aloul
Image caption අපිට වතුර නැහැ. ඒත් අපට ගල් කැබලි වලින් අඩුවක් නැහැ - අයිමාන් අලවුල්

ගාසා තීරයේ පවතින වර්තමාන තත්වය නිරූපනය කිරීම සඳහා පලස්තීන මාධ්‍යවේදියකු විසින් ජනප්‍රිය අයිස් බාල්දි අභියෝගය වෙනත් අයුරකින් යොදා ගෙන තිබේ.

විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිට අයිමාන් අලවුල් ගල් කැබලි වලින් පිරුණු බාල්දියක් සිය හිස මත හලා ගන්නා ආකාරය අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඇතුලත් වේ.

‘අපිට වතුර නැහැ. ඒත් අපට ගල් කැබලි වලින් අඩුවක් නැහැ. සමහර විට මම ගෙදර ගිහාම නාගන්න වතුර නැති වෙයි. ඒක නිසා මීළඟ වැඩසටහනේ මාව දූවිලි එක්ක දැක්කොත් කරුණාකරලා සමාව දෙන්න.’ යනුවෙන් ගල් කැබලි නෑමෙන් අනතුරුව ඔහු පවසයි.

ගාසා තීරයේදී අයිස් සකසා ගැනීමට විදුලි පහසුකම් නොමැති බවත් ඔහු කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර