මුම්බායි යුදෙව් කේන්ද්‍රය යළි විවෘතයි

Image copyright AFP

මීට වසර හයකට ඉහතදී තුවක්කු කරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි යුදෙව් කේන්ද්‍රය යළි විවෘත කෙරිණ.

දින තුනක් පුරා පැවති ප්‍රහාරයන්ට හසු වී මිය ගිය එක සිය හැට හය දෙනකු අතරට එම කේන්ද්‍රයේ සිටි යුදෙව් ධර්මදේශකයා සහ ඔහුගේ බිරිඳද ඇතුළත්.

ප්‍රහාරය සිදු වන අවස්ථාවේ එහි සිටි එවකට දෙවන වියේ පසු වූ ඔවුන්ගේ දරුවාගේ ජීවිතය ආරක්ෂා විය.

මුම්බායි නුවර දුම්රිය ස්ථානයට හා ටජ් මහල් හෝටලයටද තුවක්කු කරුවෝ ප්‍රහාර එල්ල කළහ.

පිළිසකර කළ ගොඩනැගිල්ල යළි විවෘත කිරීමේ අවස්ථාවට ආසියාව පුරා විසිරී සිටින යුදෙව් ධර්මදේශකයෝ විසි පහක පිරිසක් සහභාගි වූහ.

දෙදහස් අට වසරේ සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය මුල් කර ගත් තහනමට ලක් වූ සටන් කණ්ඩායමකට චෝදනා එල්ල විය.