ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දැරියක් අතින් වෙඩි වැදී ගිණි අවි පුහුණුකරු මිය යයි

ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුව ලබමින් සිටි අවුරුදූ 9 වයසැති දැරියක් අතින් වැරදීමකින් ඇගේ තුවක්කුව හැරවී පුහුණුකරු මියයාමේ සිද්ධියක් ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා පලාතෙන් වාර්තා වෙයි.

නිලධාරීන් පවසන ආකාරයට දැරිය, අධි බලැති ස්වයංක්‍රීය අවිය එක වෙඩිල්ලක් පමණක් යැවීමේදී සාර්ථකව හසුරුවාලීමට සමත්වී තිබේ.

එහෙත් පුහුණුකරු, 39 හැවිරිදි චාර්ල්ස් වැකා විසින් අවිය පූර්ණ ලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට සකස් කළ විට දැරිය එය හසුරුවාලීමෙදී එහි බලයත් සමඟ තුවක්කුව ඉහල අතට හැරී උණ්ඩයක් පුහුණුකරුගේ හිසට එල්ලවී ඇත.

මේ වෙඩි තැබීමේ අවාසනාවන්ත අවි පුහුණුව එම දැරියගේ දෙමව්පියන් විසින් වීඩියෝ ගත කොට තිබේ.