ඉස්ලාමීය කැරලිකරුවන්ගේ මැර ක්‍රියා ගැන වාර්තාවක්

Image copyright Reuters

ඉස්ලාමීය පාලනයක් ස්ථාපිත කළ සිරියානු කලාපය තුළ ජිහාඩ් කැරලිකරුවන් විසින් කරන ලද කෘර ක්‍රියා පිලිබඳ විස්තරාත්මක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරු ප්‍රකාශයට පත් කරති.

ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ මාස හයක් තිස්සේ එකතු කර ගත් සාක්ෂි පදනම් කර ගනිමින්.

ජනතාව ඉදිරියේ මරණ දඬුවම් පැමිණවීම් සිදු කර ඇති බවත් ඒවා බලා සිටින ලෙස කුඩා දරුවන් ඇතුළු මහ ජනතාවට බල කර ඇති බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

එසේ මරා දමන ලද අයගේ මල සිරුරු දින ගණනක් යන තුරු ප්‍රදර්ශනයට තබන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

මේ අතරතුර සිරියානු හමුදාව හෙලිකොප්ටර්වලින් පැමිණ බැරල් බෝම්බ සහ ක්ලෝරීන් වායු ප්‍රහාර එල්ල කර ඇති බවත් රෝහල් වලට ෂෙල් වෙඩි ගැසීම් සහ සිවිල් ජනතාව වද දී මරා දැමීම් සිදුකර ඇති බවත් එක්සත් ජාතීන් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර