ඉරානයට ඇමරිකාවෙන් සම්බාධක

  • 30 අගෝස්තු 2014
Image copyright AFP
Image caption ඉරාන ජනාධිපති හසාන් රෝහානි

ඉරානයේ ව්‍යාපාර විසිපහකට සහ බැංකු වලට ඇමරිකාව විසින් සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති හසාන් රෝහානි තම විරෝධය පළ කර තිබේ.

ඉරානය තුල ක්‍රියාත්මක වන බවට විශ්වාස කරන න්‍යෂ්ටික ව්‍යාපෘතියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් බැංකු සහ වෙළඳ ව්‍යාපාර මතයි එම සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙන්නේ.

ඉරාන ජනාධිපති රෝහානි පවසන්නේ පනවන ලද සම්බාධක ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් පහක් සමග සාකච්ඡා පවත්වන බවයි.

නමුත් ඉරාන විදේශ සේවා මාද්‍ය ප්‍රකාශිකාව පවසන්නේ පසුගිය සිකුරාදා වොෂින්ටනය මගින් නව සම්බාධක නිකුත් කිරීමත් සමග සාකච්ඡා අසාර්ථක වීමට ඉඩකඩ ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර