මෝසම් වැස්සෙන් මරණ සීයක්

Image copyright PTI

මෝසම් වැස්ස සමග මුහුණ දීමට සිදු වූ ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ සහ පකිස්තානයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව සීයකට ආසන්න බව වාර්තා වෙයි.

ඉන්දු පකිස්තාන් දේශසීමාවේ පිහිටි පංජාබයේ සහ ගැටුම්කාරී කාශ්මීර කලාපයෙනුයි එම මරණ වාර්තා වන්නේ.

පකිස්තාන් නිලධාරීන්ට අනුව ඔවුන්ගේ භූමිය තුළ යටත් පිරිසෙයින් හැටහය දෙනකුවත් මරණයට පත් වී ඇත.

එම මරණ වලින් වැඩි හරියකට හේතුව දියබත් වූ ගෙවල් නිවැසියන් මත කඩා වැටීමයි.

ඒ අතරවාරයේ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණයක් ද වාර්තා වෙයි.

බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරත කර ඇති යුද හමුදාව නිවෙස් වලින් බැහැර වෙන මෙන් මහජනතාවට උපදෙස් දී ඇත.

ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ ඔවුන්ගේ භූමියෙන් ගංවතුර උවදුරින් සිදු වූ මරණ සංඛ්‍යාව විසි අටක් වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර