ස්ත්‍රී දූෂකයන් හතකට මරණ දඬුවම

Image copyright AFP
Image caption සාක්ෂි ලබා දෙන දූෂණ චෝදනා ලබා සිටි කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයා

පසුගිය මාසයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බලා පැමිණෙමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු දූෂණය කළ බවට චෝදනා ලබා සිටි පුද්ගලයන් සත් දෙනෙකුට, එරට අධිකරණයක් මරණ දඬුවම නියම කළේය.

තමා නිර්දෝෂී බව ඉහත කී කණ්ඩායමේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියේ පවසා සිටි අතර පුරා පැය දෙකහමාරක් සාක්ෂි විමසීමෙන් අනතුරුව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් විය.

දූෂණයට ලක් වූ කාන්තාවන් අතරින් එක් අයෙක් ගැබ් ගෙන ඇති බැව් වාර්තා වන අතර පහර කෑමට ලක් වූ තවත් එක් කාන්තාවක් රෝහල් ගත කර තිබුණි.

චෝදනා ලබා සිටි පුද්ගලයන් වරදකරුවන් බව තීන්දු වූවොත් ඔවුන්ව ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතු බව ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි මීට ඉහතදී ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර