ඔලිම්පික් රන් පදක්කම් ලාභීයාට ඝාතන චෝදනා

Image copyright Getty Images
Image caption ඔලිම්පික් සම්මානලාභී ක්‍රීඩකයකු වන ඔස්කාර් පිස්ටෝරියස් ක්‍රීඩා ලෝකයේ හඳුන්වනු ලබන්නේ,"බ්ලේඩ් රනර් " යනුවෙන්.

දකුණු අප්‍රිකානු ආබාධිත ඔලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් තම පෙම්වතිය වෙඩි තබා මරා දැමීමේ නඩු තීන්දුව මේ වන විට ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කර තිබේ.

ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඔස්කා තම නිවසේදී පෙම්වතිය, රීවා ස්ටීන්කෑම්ප් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදටයි චෝදනා ලැබ සිටියේ.

නමුත් ඔහු කියා සිටියේ නිවසට කඩා වැදුණු මංකොල්ල කරුවෙකුට වෙඩි තැබීමට යාමේදී සිය පෙම්වතියට වෙඩි වැදුණු බවයි.

පෙර නඩු විභාගයේදී අධිකරණය රීවා කෑ ගසන හඬ ඇසුණු බවට ඔස්කා ගේ අසල්වාසීන් දුන් සාක්ෂි ප්‍රතික්ෂේප කරන ලදි.

පොලිසිය අපරාධය සිදු වූ ස්ථානයේ තිබූ සාක්ෂි වසන් කළ බවට ඔස්කා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කළද විනිසුරුවරිය කියා සිටියේ ඝාතන චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.

ඝාතන චෝදනාව ඉවත් කරන බව පවසන විනිසුරුවරිය ඝාතනයට තැත් කිරීමේ වරදට ඔස්කා වරද කරු විය හැකි බවට කරුණු පෙන්වා දෙන බවයි නව ආරංචි මාර්ග පවසන්නේ.

තීන්දුව තවමත් සම්පුර්ණයෙන්ම ප්‍රකාශයට පත් වී නැති අතර වාර්තා කරුවන් පවසන්නේ ඔස්කා අධිකරණය තුලදී හඬා වැටුණු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර