මලාලාට වෙඩි තැබූ බවට සැක පිට දස දෙනෙක් අල්ලයි

Image copyright AFP

පකිස්ථානයේ පාසල් ශිෂ්‍යාවක වූ මලාලා යුසුෆ්සායිට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පකිස්තානු හමුදාව පවසයි.

පාසල් බස් රථය තුළදී ඇයගේ හිසට වෙඩි තබන ලද්දේ මීට වසර දෙකකට පෙරදීයි.

මෙම සැකකරුවන් පිරිස පකිස්ථානයේ වත්මන් තාලිබාන් නායකයාට සේවය කරමින් සිටි පිරිසක් බවයි පකිස්තානු හමුදා ප්‍රකාශක කියා සිටියේ.

ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් මලාලා යුසුෆ්සායි ප්‍රසිද්ධියේ කටයුතු කළාය.

මුස්ලිම් ශාරියා නීතිය අනුව ස්ත්‍රීන්ට පාසල් අධ්‍යාපනය තහනම් වන අතර ඊට එරෙහිව යාම නිසා පකිස්තානයේ තාලිබාන් තුවක්කු කරුවකු මලාලා ගේ හිසට වෙඩි තැබුවේය.

සැත්කම් කිහිපයකට පසු ඇයගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි විය.

මලාලා යුසුෆ්සායිට තවමත් තාලිබාන් තර්ජන පවතින හෙයින් මේ වන විට ඇය ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර