ඉස්ලාමීය රාජ්‍ය ලෝක මට්ටමේ 'තර්ජනයක්'

  • 2014 සැප්තැම්බර් 15
Image copyright AP
Image caption ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඔලෝන්ද් සහ ඉරාක ජනාධිපති ෆුවාඩ් මසුම්

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකාර සංවිධානය ලෝක මට්ටමේ තර්ජනයක් ලෙස හඳුන්වන ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඔලෝන්ද් ඒ සඳහා ලෝක මට්ටමෙන් ප්‍රතිචාර දැක්විය යුතු බව කියා සිටියේය.

ඉස්ලාමීය කැරලි කණ්ඩායම් හා සටන් කිරීමට අවශ්‍ය මූලෝපායන් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව රටවල් තිහක විදේශ අමාත්‍යවරුන් සහභාගී වී කෙරෙන ජාත්‍යන්තර සමුළුව විවෘත කරමින් ඔහු මේ බව පැවසුවේය.

Image copyright AP
Image caption පසුගිය සතියේ ඉරාකයේ සංචාරය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී

ඉරාකය තුළ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට එරෙහිව ඇමරිකාව සිදු කරන ගුවන් ප්‍රහාර වලට සහාය පළ කරමින් තම ප්‍රහාරක ගුවන් යානා පිරික්සුම් ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මීට ඉහතදී ප්‍රංශ ආණ්ඩුව ප්‍රකාශ කළේය.

ඉහත කී සමුළුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉස්ලාමීය කැරලි කණ්ඩායම්වලට එරෙහිව කෙරෙන සටන් වලට සහාය ලබා ගැනීම පිණිස ඊට සහභාගී වී සිටින විදේශ අමාත්‍යවරුන් හමු වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර