මොල්ටාවේ බෝට්ටු අනතුරකින් 'පන්සීයක්' මරුට

Image copyright Reuters
Image caption මෝල්ටා නාවික බලධාරීහු දිවි ගලවාගත් පිරිස් සෙවීමේ නිරතව සිටිති

මෝල්ටා දූපත අසල මුහුදේ යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් තවත් බෝට්ටුවක් හා ගැටීමෙන් එහි සිටි පන්සීයකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කරන බව සංක්‍රමණික ආයතනයක් ප්‍රකාශ කළේය.

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව ජාවාරම්කරුවන් විසින් හිතා මතා ගිල්වා දැමූ බව එහි සිට දිවි ගලවා ගත් පලස්තීනුවන් දෙදෙනෙකු සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට පවසා තිබේ.

සිරියානු, පලස්තීනු, ඊජිප්තු හා සුඩාන් ජාතිකයන් මුහුදුබත් වූ බෝට්ටුව සිටි බවයි පැවසෙන්නේ.

මේ වසර තුළදී දෙදහස් පන්සීයකට වැඩි පිරිසක් මධ්‍යධරණී මුහුදේදී මරණයට පත් වී ඇති බවට විශ්වාස කරන බව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර ආයතනය කියා සිටියේය.

මේ අතර සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් ලිබියානු වෙරළ කලාපයේදී අනතුරට පත් වී තිබේ.

එම අනතුරින් දෙසීයකට වැඩි පිරිසක් මරුමුවට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර