මූල්‍ය වංචා චෝදනා මත කලීඩා ශියා අධිකරණයට

Image caption හිටපු අගමැතිනිය අනූව දශකයේදී මුල්‍ය වංචා සිදු කළ බවට චෝදනා එල්ල වේ

සමාජ ශුභ සාධක සංවිධානයක් හරහා ඩොලර් ලක්ෂ ගණනක් වංචා කිරීමේ චෝදනා මත බංගලාදේශ විපක්ෂ නායිකා කලීඩා ශියාට එරෙහිව පවරා ඇති නඩු විභාගය ආරම්භ වී තිබේ.

දෙවරක් අගමැති ධුරය හෙබවූ කලීඩා ශියා එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඊට වරදකරු බව සනාථ වූවොත් ඇය ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණයට හැකියාව ලැබේ.

ඇයගේ පුත් පක්ෂ සාමාජික තාරික් රාහ්මාන්ටද සමාන චෝදනා එල්ල වී ඇති නමුත් ඔහු රටින් පිටමං වී බ්‍රිතාන්‍යයේ වාසය කරයි.

කලීඩා ශියා සමග දේශපාලන සම්බන්ධකම් පැවැත්වූ තවත් කිහිපදෙනෙකුට එරෙහිවද අධි චෝදනා ගොනු කර ලැබ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර