හොං කොං විරෝධතාවයට චීනයේ අප්‍රසාදය

Image copyright Getty

හොං කොංහි බොහෝ ප්‍රදේශ අකර්මන්‍ය තත්වයකට පත් කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාව ඉදිරියේ චීනය පසුබෑමට සුදානම් නැතැයි හොං කොංහි ප්‍රධාන විධායක නිලධාරි සී වයි ලියුන්ග් ප්‍රකාශ කරයි.

හොං කොංහි ප්‍රධාන ව්‍යාපාරික නගරය සහ සෙසු ප්‍රදේශ පුරා වීදි බැස සිටින විරෝධතා කරුවන් දිගින් දිගටම පවත්වා ගෙන යන උද්ඝෝෂණ නතර කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

චීනයේ රූකඩයක් ලෙස ක්‍රියා කරන බවට සී වයි ලියුන්ග්ට චෝදනා කරන විරෝධතා කරුවෝ ඔහුට සිය ධුරයෙන් ඉවත් වන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.

Image copyright Getty

විරෝධතා කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබෙන්නේ මීළඟ නායකත්ව මැතිවරණයේදී ඡන්ද දායකයන්ට බලපෑම් කළ හැකි නීති චීනය විසින් ඉවත් කර ගත යුතු බවයි.

ඔවුන් පවසන්නේ බීජින් නීති ඉවත් කළොත් එමගින් සිය කැමැත්ත පරිදි ප්‍රජාතන්ත්රවාදීව නායකයන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට හැකි වන බවයි.

චීන විදෙස් අමාත්‍යංශය දිගින් දිගටම කියා සිටියේ චීනය හොං කොං රජයට සම්පුර්ණ සහය දක්වන නමුත් නීති විරෝධී ලෙස ගෙන යන විරෝධතා ව්‍යාපාරයට එකඟ නොවන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර