පකිස්තානයේ පෝලියෝ ප්‍රතිශතය ඉහලට

Image copyright EPA

පකිස්තානයේ නවතම දත්ත වලට අනුව තවත් පුද්ගලයන් දස දෙනෙකු පෝලියෝ රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

වසර දහයක කාලයක් තුළ වාර්ෂිකව වාර්තා වූ ඉහලම පෝලියෝ රෝගීන් සංඛ්‍යාව බවට පත් වෙමින් එරට මේ වසරේදී වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව එකසිය අසු හතරක්.

නව රෝගීන් බොහෝ පිරිසක් වාර්තා වී තිබෙන්නේ පකිස්තානයේ වයඹ දිග ගෝත්‍රික කොටස් ජීවත් වන ප්‍රදේශ වලින්.

පකිස්තානය ලොව පෝලියෝ තවමත් පවතින රටවල් තුනෙන් එකකි.

පෝලියෝ එන්නත් ලබා දීම තුලින් මුස්ලිම් ප්‍රජාව වඳ භාවයට පත් වන බවට විශ්වාස කරන ඉස්ලාම් කැරලිකරුවන් පෝලියෝ මැඩලීමේ ව්‍යාපාරය නවතා දැමීමට කටයුතු කරනු ලැබූ අතර පෝලියෝ එන්නත් ලබා දීමේ කටයුතු වල යෙදී සිටි සෞඛ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් ඝාතනය කරනු ලැබූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර